පහසුකම් හිගය නිසා රුහුණු සරසවිය මෙවර සිසුන් 216 ක් අඩුවෙන් බදවාගෙන

රුහුණ විශ්වවිද්‍යාලය මෙවර නව අධ්‍යයන වසරට සිසුන් 216 ක් අඩුවෙන් බඳවාගෙන තිබේ. පහසුකම් හිඟය හේතුවෙන් ගත් මෙම තීරණය විශේෂයෙන් වෛද්‍ය, කලා හා පරිගණක විද්‍යාව පිඨ සම්බන්ධයෙන් දැඩි බලපෑමක් සිදු කර ඇත.

වෛද්‍ය පීඨය සඳහා සිසුන් 60 දෙනෙක් ද කලා පීඨය සඳහා සිසුන් 100 දෙනෙක් ද පරිගණක විද්‍යාව සඳහා සිසුන් දස දෙනෙක්ද වශයෙන් එම බඳවා ගැනීම් අඩුකර තිබේ.

මෙලෙස අඩුකර ඇති වෛද්‍ය පීඨ සිසුන් 60 දෙනා යොමුකර ඇත්තේ සබරගමුව හා වයඹ යන විශ්විවිද්‍යාලවල වෛද්‍ය පීඨ වෙත ය. පෙර වසරේ ඉසඩ් ලකුණු අනුව මෙවර රුහුණ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටි මෙම සිසුන්ට අසාධාරණයක් වී ඇතැයි ඔවුන්ගේ දෙමව්පියෝ පවසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart