විදෙස් ණය නිසා චීන ආධාර වලින් කරන රෝහල් 13ක ගොඩනැගිලි ඉදිකිරීම් මඟ නතර වෙයි

විදෙස් ණය ගෙවීම පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තියට සමගාමීව විදෙස් බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු විවිධ කාරණා හේතුවෙන් චීන ආධාර යටතේ දිවයිනේ රෝහල් 13ක ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘති ප්‍රමාදවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා චීනය විසින් ඩොලර් මිලියන 85 ක ආධාර මුදලක් ලබාදී ඇති අතර, ගොඩනැගිලි ඉදිකිරීමට අමතරව තෝරාගත් රෝහල් සඳහා වෛද්‍ය උපකරණද සැපයීමට නියමිතය.

2019 දී ආරම්භ වූ ව්‍යාපෘතිය 2026 වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන නමුත්, විදෙස් ණය ගෙවීමේ අන්තර්කාලීන ප්‍රතිපත්තිය, විදෙස් බැංකු ක්‍රියාමාර්ග, කොවිඩ්-19 වසංගතය, ගෝලීය නාවික ගමනාගමන අර්බුදය, ආනයන සීමා, ඉන්ධන හා විදුලි ගැටලු ආදිය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු පමාවී ඇත.

ඉදිකිරීම් සිදු කෙරෙන රෝහල් අතර දර්ගා, මීරිගම, අළුත්ගම, සමන්තුරෙයි, එරාවූර්, පොතුවිල්, කල්පිටිය, රිකිල්ලගස්කඩ, මැදිරිගිරිය, පදවිය, වලස්මුල්ල, මහියංගනය සහ කලවාන රෝහල් ගොඩනැගිලි අඩංගු වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart