මේ අවුරුද්දටම බීමත් රියැදුරන් 128000ක් පොලිසියට මාට්ටු

මෙම (2025) වසරේ මෙතෙක් කාලය තුළ බීමත් රියදුරන් 1,28,000 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා නිවේදනය කළේය.

බීමත් රියදුරන් වැටලීමේ විශේෂ මෙහෙයුම් මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, වැඩිම මාර්ග අනතුරු ප්‍රමාණයක් බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන බවද ඔහු අවධාරණය කළේය.

දැනටමත් වාර්තාවී ඇත්තේ මාර්ග අනතුරු 1,781ක් අතරින් පුද්ගලයින් 1,891ක් මියගොස් ඇති බවය. මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් බීමත් රියදුරන් අතර වැඩි පිරිසක් බවද හෙතෙම පැවසීය.

තවද, වසරකට රිය අනතුරු විසිඅටදහසත් තිස්දහසක් අතර ප්‍රමාණයක් සිදුවන අතර, ඒවා හේතුවෙන් පුද්ගලයින් හත්දහසකට වැඩි පිරිසකට බරපතළ තුවාල සිදුවන බවද ඔහු පැහැදිලි කළේය. එම තුවාලකරුවන්ගෙන් සියයට 15ක් පමණට හිස ආශ්‍රිත බරපතළ තුවාල ඇති බවද හපුගොඩ නියෝජ්‍ය පොලිස්පති වැඩිදුරටත් සදහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart