බැකෝ සමන්ගේ සමීපතමයෙක් මාට්ටු

රටේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිල ඇඳුමක් සොයාගෙන තිබුණ බව පොලීසිය කියා සිටියි.

මෙම වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බවත්, අදාළ තොරතුරු විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart