වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (12) නියෝග කර තිබේ.

ජාතික ජන බලවේගයේ නීතිඥ මන්ත්‍රී තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කළැයි චෝදනා වන නඩුවකට පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊට පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටිමින් ඔහු රෝගාතුර බව දන්වා ඇත.

එහෙත් ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart