ප්‍රදේශ රැසක උණුසුම ගැන උණුසුම් තත්ත්වයක්

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිගු වේලාවක් උණුසුමට නිරාවරණයවීම සහ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් තෙහෙට්ටු තත්ත්ව ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

තවද, විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරළීම් සිදුවිය හැකි බවත්, උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වාර්තාවේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart