ලෝක සෙප්සිස් දිනය අද

ලෝක ‘සෙප්සිස් දිනය’ අදට (13දා) යෙදී තිබේ. ක්‍ෂුද්‍ර ජීවී ආසාදන නිසා ශරීරයේ පටක සහ අවයවවලට හානි සිදුවීම මගින් ජීවිත තර්ජනයට ලක්විය හැකි තත්ත්වයක් ලෙස සෙප්සිස් රෝගය හඳුන්වා දී තිබේ.

සෙප්සිස් රෝගයෙන් ජීවිත බේරා ගැනීමට ඒ පිළිබඳ නිසි අවබෝධය සහ දැනුවත්වීම ඉතා වැදගත්වන අතර, රෝගය මුල් අවධියේ හඳුනා ගැනීම හරහා නිසි ප්‍රතිකාර වෙත යොමුවීම තුළින් ජීවිත බේරා ගැනීමේ හැකියාව පවතින බව ද වෛද්‍යවරු සඳහන් කරති.

සෞඛ්‍ය සේවා සපයන්නන් මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් මේ පිළිබඳව වඩා හොඳින් දැනුවත් කිරීම සඳහා ‘සෙප්සිස් මාසය’ පුරා විවිධ ක්‍රියාකාරකම් සිදුකරන අතර, දැනුවත් කිරීමේ වැඩසටහන් ද වෛද්‍ය, විශේෂඥ වෛද්‍යවරුන් යටතේ සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart