චෙන්නායි ඡායාරූප ශිල්පියා කුෂ් ගෙනත් මාට්ටු

ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් , කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මොහු ඉන්දියාවේ චෙන්නායි හි පදිංච් 33 හැවිරිදි ජායාරූප ශිල්පියෙක් බව වාර්තා වේ.

අත්අංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 85ක් බව වාර්තා වන අතර, මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිත බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart