අධිවේගයේ කඩවත-මීරිගම කොටසේ ඉදිකිරීම් ඇරඹේ

 

ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන සැප්තැම්බර් 17 වන දින යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරෙන අතර, එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ මාර්ගයේ පළමු මීටර 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා චීන අපනයන-ආනයන බැංකුවෙන් (Export-Import Bank of China) අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගෙන ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

කිලෝමීටර 37ක් දුරකින් යුත් මෙම මාර්ග කොටස සඳහා රුපියල් බිලියන 8.6ක් වෙන් කර ඇති අතර, 2028 වසරේ මැද භාගය වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart