ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ තරග වෙනුවෙන් ඒ ඒ ක්‍රීඩා සමාජ වලට ගෙවන මුදල් ගෙවීම පමා කිරීම නිසා ක්‍රීඩා සමාජ ඉමහත් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.
තරගාවලි වල ක්‍රීඩකයන්ට ගෙවිය යුතු මුදල් පමණක් ක්‍රීඩා සමාජ වලට ලබා දී ඇතත් ක්‍රීඩා සමාජ වල පරිපාලන කටයුතු හා තරග වියදම් නොගෙවීම නිසා බොහෝ ක්‍රීඩා සමාජ නඩත්තු කිරීම අපහසු කටයුත්තක් බවට පත්ව ඇති බවද පැවසේ.
පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමකදී කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ හිටපු විධායක සභිකයකු මේ ගැන විමසූ විට බලධාරීන්ගේ පිළිතුර වී ඇත්තේ ක්‍රිකට් ආයතනය අයිසීසීයෙන් ණයක් ඉල්ලා ඇති බවත් එය ලැබුණු පසු එම මුදල් ලබා දෙන බවත් ය.
ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය මෙතරම් බරපතල මට්ටමකට වැටී තිබියදී ඔවුන් යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හා පොල්හේනේ කාන්තා ක්‍රිකට් ඇකඩමි මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද යාම කැපී පෙනේ.