බිලියන 314ක වාහන මාස 07ට ගෙන්වලා

මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා මෙරටට ආනයනය කර ඇති වාහනවල (මෙයට යතුරුපැදි ද ඇතුළත් වේ.) CIF වටිනාකම ((වියදම්, රක්ෂණ සහ නාවික මුදල්) රුපියල් බිලියන 314 ඉක්මවන බව වාර්තා වේ.

වාහනවලින් ලැබුණු මුළු බදු ආදායම රුපියල් බිලියන 446.84 ක් බවද පැවසේ.

එසේම, ඇමරිකානු ඩොලර් බිලියන 1 කට වඩා වැඩි CIF වටිනාකමක් ඇති වාහන නිෂ්කාශනය කර ඇති බවද වාර්තා වේ.

කෙසේවුවද, වාහන ආනයනය ලිහිල් කිරීමෙන් පසු, වාහන 213,500 ක් පමණ ආනයනය කර තිබේ.

මෙයට යතුරුපැදි ද ඇතුළත් වේ.

මේ අතර, තුන්වන රටවල් හරහා ආනයනය කරන ලද වාහන 1,000 ක් පමණ රේගුව විසින් නිදහස් නොකොට රඳවා ගැනීම සම්බන්ධ ගැටලුව අවසන් කිරීමට මුදල් අමාත්‍යාංශය, ආනයන අපනයන දෙපාර්තමේන්තුව, රේගුව සහ නීතිපතිවරයාගේ නියෝජිතයින් මෙම සතියේ අධිකරණයට යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

ඒ රේගුව විසින් අදාළ වාහන රඳවා ගැනීම සම්බන්ධයෙන් ආනයනකරුවන් හය දෙනෙකු දිස්ත්‍රික් අධිකරණයෙන් සහනයක් ඉල්ලා නඩු පවරා ඇති නිසාය.

රේගුව විසින් මේ වාහන මුදාහැරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අඩු බදු ගෙවීම සඳහා ණයවර ලිපි (LC) තෙවැනි පාර්ශවක රටකට ලබාදී තිබීම නිසාය.

මාස තුනකට ආසන්න කාලයක් රේගුව විසින් අදාළ මෝටර් රථ වරායේ රැඳවාගෙන සිටී.

කෙසේවුවද, මේ මෝටර් රථ සම්බන්ධයෙන් රේගුවේ මූලික සැලැස්ම වූයේ වාහන ඒවා නිෂ්පාදිත රටට නැවත අපනයනය කිරීමයි.

නමුත් එය ලෝක වෙළඳ සංවිධානය (WTO) සහ රේගු දෙපාර්තමේන්තුව අතර තක්සේරු ගිවිසුම උල්ලංඝනය කිරීමක් බැවින් එම පියවර අත්හැර දමන ලදී.

මෙසේ තෙවැනි පාර්ශව රටකට ණයවර ලිපි (LC) විවෘත කිරීම සිදු කරනු ලබන්න මෙය වාහන ආනයනයනයේදී වාහනයේ මුල් වටිනාකම ප්‍රකාශ කිරීම මඟ හැරීමට ඉඩ සැලැස්වීමට වන අතර, මෙමගින් අධික තීරුබදු මග හැර ගැනීමට හැකියාව ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart