නේපාලයේ ප්‍රධාන දේශපාලන පක්ෂ, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත පිහිටුවන ලෙස ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල්ගෙන් ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ අලුතින් පත් කරන ලද අන්තර්කාලීන අගමැතිනිය වන සුෂිලා කාර්කිගේ නිර්දේශය මතය.
නේපාල කොංග්‍රසය, සීපීඑන්-යූඑම්එල් සහ මාඕවාදී මධ්‍යස්ථානය ඇතුළු දේශපාලන පක්ෂ අටක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, රට පුරා පැවති විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීමක් වූ බව වාර්තා වේ. මාධ්‍ය මර්දනයට එරෙහිව ඇති වූ මෙම මහජන විරෝධතා පොලිසිය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතා නායකයින් සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසු, සුෂිලා කාර්කි අගමැති ලෙස පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.