නිධන් හෑරූ 8ක් පොලිස් භාරයට

 

පුරාවස්තු සෙවීමේ අරමුණින් නීති විරෝධී ලෙස කැණීම් කරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු ගලේවෙල සහ බණ්ඩාරදූව පොලිස් වසම්වලින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම් සැප්තැම්බර් 14 වනදා සවස් කාලයේදී සිදුවී තිබේ.

ගලේවෙල පොලීසියට ලද තොරතුරක් මත, මාදිපොල ප්‍රදේශයේදී වැටලීමක් සිදු කරමින් පුරාවස්තු සෙවූ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 28 ත් 58 ත් අතර පසුවන මාදිපොල, වැලිකන්ද, මිල්ලවාන, දම්මින්න සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන් සන්තකයේ තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

එමෙන්ම, බණ්ඩාරදූව පොලිසියට ලද තවත් තොරතුරක් මත නවගිරියාව, ගොනාගොල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පුරාවස්තු සෙවීමේ නිරතව සිටි 63 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සන්තකයේ තිබී ද කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සොයාගෙන ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ගලේවෙල සහ බණ්ඩාරදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart