තන්තිරිමලය සහ ගලේවෙල පොලිස් වසම්වලදී ඊයේ (සැප්තැම්බර් 14) දියේ ගිලී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
තන්තිරිමලය, බෝගොඩ පාලම අසල මල්වතුඔයේ දිය නාමින් සිටි 21 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී මියගොස් තිබේ. නිවන්දම දකුණ, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම තරුණයා, මඩු පල්ලියට වන්දනාමාන කර ආපසු එමින් සිටියදී තම ඥාතීන් සමඟ දිය නෑමට ගොස් ඇත. ඔහුගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තන්තිරිමලය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
ගලේවෙල, දේවහූව ජලාශයේ දිය නෑමට ගිය 11 හැවිරිදි පිරිමි දරුවෙක් ද දියේ ගිලී මියගොස් ඇත. දේවහූව ප්‍රදේශයේම පදිංචි මෙම දරුවා, තම පියා සහ ඥාතීන් සමඟ ජලාශයට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇත. දරුවා දියේ ගිලීමෙන් පසු ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් ඔහුව ගොඩට ගෙන ගලේවෙල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත. දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත භාර දී තිබේ.