පුරාවස්තු හොයන මුවාවෙන් කැණීම් කළ පිරිසක් පොලිස් දැලේ

ගලේවෙල, බණ්ඩාරදූව සහ මොරගොඩ ප්‍රදේශවලදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කටයුතු කළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගලේවෙල මාදිපොල ප්‍රදේශයේදී ඊයේ (14) සවස්වෙලාවේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් 07 දෙනා අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය සදහන් කළේය. ඔවුන් සමග කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩද සොයා ගෙන ඇත. සැකකරුවන් 28 සිට 58 වයස් පිරිසක් වන අතර, මාදිලිපොල, වැලිකන්ද, මිල්ලවාන, දම්මින්න සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

එමෙන්ම බණ්ඩාරදූව නවගිරියාව ප්‍රදේශයේදී ඊයේ සවස සිදුකළ පොලිස් වැටලීමකදී 63 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ගොනාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවා සමග කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩද පොලීසිය භාරයට ගෙන ඇත.

තවද, මොරගොඩ ඊයේ උදෑසන හල්මිල්ලෑව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී, 46 හැවිරිදි පුද්ගලයෙකුගේ සන්තකයේ තිබූ ඇත්දළ දෙකක් සොයාගෙන ඔහුවද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවා නාමල්පුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

පොලීසිය සදහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව අදාළ නීතිමය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart