පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගි වීම සඳහා ඊයේ (සැප්තැම්බර් 15) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වෙනවා.
පොලිස්පතිවරයා නොමැති කාලය තුළ, වැඩබලන පොලිස්පති ලෙස මධ්‍යම පළාත සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබෙනවා. ලලිත් පතිනායක මහතා මීට පෙරද සිව් වතාවක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන මෙම සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිත බවත්, ඔහු ලබන සැප්තැම්බර් 20 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
චීනය විසින් ශ්‍රී ලංකා පොලීසියට පුහුණු පාඨමාලා රැසක් ලබා දී ඇති අතර, දැනටමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමක් චීනයේ පුහුණුව ලබමින් සිටින බවද වාර්තා වෙනවා.