තම දරුවන් වෙනුවෙන් උපවාස කළ ගුරු දරුවන්ගේ ඉල්ලීම් සාර්ථකයි

ජාතික පාසැල්වල වසර තුනක සේවය සම්පූර්ණ කළ ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තම දරුවන් සේවය කරන පාසලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ආරම්භ කළ උපවාසය ඊයේ රාත්‍රියේ අවසන් කළේය.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු දරුවන්ගේ එකමුතුව ආරම්භ කළ මෙම උපවාසය, ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව නවතා දැමිය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ගුරු දරුවෝ පසුගිය දින කිහිපය පුරා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවල නිරත වූ අතර, විසඳුමක් නොලැබීම නිසා ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ පැමිණ ඇත.

අදාළ අවස්ථාවේදී ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡා කළත් එය අසාර්ථක වූ බව සඳහන් කරමින් ඔවුන් උපවාසයක නිරත වූහ.

අවසන් වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට පසු ඔවුන් උපවාසය අවසන් කළ බව වාර්තා වෙයි.

Add to cart