ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම්

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිකුත් කළ නව ගැසට් නිවේදනයකින් ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කර තිබේ.

ඒ අනුව පිරානා (Piranha), නයිෆ් ෆිෂ් (Knife Fish), ඇලිගේටර් ගාර් (Alligator Gar), සහ රෙඩ් ලයින් ස්නේක් හෙඩ් (Red Line Snakehead) යන මසුන් බෝ කිරීම, ජල පද්ධතිවලට මුදා හැරීම, ගොඩට ගෙන ඒම, ප්‍රවාහනය, මිලදී ගැනීම, විකිණීම, ප්‍රදර්ශනය, භාරගැනීම, සන්තකයේ තබාගැනීම, ආනයනය සහ අපනයනය කිරීමට දැඩි තහනමක් පනවා ඇත.

මෙම නියෝගය සජීවි මසුන්ට පමණක් අදාළ වන අතර, ආහාරය සඳහා ඇල්ලීම ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අවසරය යටතේ පමණක් කළ හැක.

අමාත්‍යාංශය සදහන් කරන්නේ, ‘ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ’ යනු අනෙකුත් ජලජීවින්ට හානිදායකව වේගයෙන් පැතිරෙන හා පරිසරයට බලපාන විලෝපිත විශේෂ බවය.

Add to cart