රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

රාජ්‍ය සේවය කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන්ට ඊයේ (15) ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පැවසූයේ, රජයේ අරමුණ වන්නේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට ගෙන යාම බවයි.

ඉදිරියේදී ග්‍රාම නිලධාරි මට්ටම දක්වා මෙම නව තාක්ෂණය ප්‍රචලිත කිරීමට යෝජිත බවත්, ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීම තම අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ, ස්වදේශ කටයුතු අංශය සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය කිරීම මෙහිදී ආරම්භ විය.

LankaPay ආයතනය මෙහි අධිකාරිය ලෙසට ක්‍රියා කරන අතර, ලිපි මඟින් සිදු වන ප්‍රමාදයන් අවම කර වැඩි ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් සැලසීම මෙහි ඉලක්කයයි.

Add to cart