2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක (04) කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව්තොට 04ක් මිල දී ගැනීමට සිංගප්පූරුවේ M/s BB Energy Asia Pte. Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සිය අනුමැතිය ලබාදී ඇත.
ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබූ අතර ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත්ව තිබුණි.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ලංසු ඇගයීමෙන් අනතුරුව සිංප්පූරු සමාගම තෝරාගෙන ඇති අතර මෙම සමාගම හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ සමයේද මෙරටට බොරතෙල් සැපයූ සමාගමවීම විශේෂත්වයකි

