ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ.
විශ්ව තැපැල් සංගමය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දින සමරනු ලබයි.
1874 දී ලොව පුරා රටවල් ගණනාවක් ඔක්තෝම්බතෝර් 09 වෙනි දින පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම සිදු වූ අතර ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස 1969 වර්ෂයේ දී නම් කෙරුණි.
151 වන ලෝක තැපැල් දිනය මෙම වර්ෂයේ දී සමරනු ලබන අතර මෙරට සමරනු ලබන 56 වන ජාතික සැමරුම් උත්සවය ද මෙයයි.
ලෝක තැපැල් දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම ජාතික සැමරුම් උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන්, නියෝජ්‍ය තැපැල්පතිවරුන්, සියලු ශ්‍රේණි නියොජනය කරමින් තැපැල් වෘත්තිකයන් ඇතුළුව පිරිසක් එක්වීමට නියමිතය.
මේ අතර තැපැල් සේවකයින් විසින් අතිකාල දීමනා වංචනික ලෙස ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට විරෝධය පලකරමින් කළුපටි පැළැද අද දිනයේ සේවයට වාර්තා කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද දිනයේ පැමිණිල්ලක් සිදුකිරීමට ද නියමිතය.

