දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා වැඩිහිටියන් 200කට අධික පිරිසක් ඒ සම්බන්ධයෙන් හඳුන්වාදුන් වට්ස්ඇප් අංකයට පැමිණිලි යොමු කර ඇති බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
0707 89 88 89 යන වට්ස්ඇප් අංකය මගින් සරණ උපකාර සේවය හා සම්බන්ධ විය හැකි බව එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා සදහන් කළේ ය.
පැමිණිලි විභාග කිරීම සඳහා නඩත්තු මණ්ඩල අලුතින් පිහිටුවා ඇති බවද ඔහු ප්‍රකාශ කරන ලදි.
පැමිණිලි ඉදිරිපත් කරන්නන් ඉදිරියේදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිට ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

