හෙරොයින් සහ අයිස් කිලෝ 300ක් සමග ලාංකික ධීවර යාත්‍රාවක් මාලදිවයිනේ අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වන අතර එම එම මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තාට අයිති ඒවා බවට තොරතුරු ලැබී ඇති බවත් වාර්තා වේ.

Add to cart