පාතාලයේ පිරිසක් රජයට භාර වීමට කැමති බවට ප්‍රකාශ කළ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල එම කතාව නැවත හරවාගෙන තිබේ. ඔහු එවැනි ප්‍රකාශයක් නොකළ බව කියා ඇත.
පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු 11 වැනිදා කළ ප්‍රශ්න කිරීමකදී ඔහු තමාගේම ප්‍රකාශය නැවත හරවාගෙන තිබේ.
‘මේ වෙනකොට පාතාලයේ පිරිසක් ලංකාවට එන්න කැමතියි කිව්වා. ඒකේ තියෙන අලුත්ම තත්වය?‘ යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ මෙසේය.
“නෑ එහෙම එකක් නෙවෙයි තිබ්බේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සමහර පිරිස් එහෙන් ඉවත් වෙන්න කැමතියි කියලා ප්‍රකාශ කරලා තියෙනවා කියන ප්‍රකාශය තමයි කළේ. ජාවාරම්වල ඉන්න අය එයින් ඉවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක යහපත් තත්ත්වයක්.”
භාරවීමට කැමති බව ප්‍රකාශ කළේ තමන්ට ලැබෙන ආදායම අඩුවීම නිසාදැයි විමසූ විට ඇමතිවරයා මෙසේ පැවසීය.
‘ඒක ඉතින් ඒ පිරිස්වලින් තමා විමසන්න ඕනෑ. අපි මේ අරන් යන ව්‍යාපාරයට සියලුදෙනාගේ අවධානයට යොමුවෙලා තියෙනවා. ඔවුනුත් ඉවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක යහපත් තත්වයක්‘
එහෙත් ඊට පෙර ඔහු කළ ප්‍රකාශයේදී ඔහු පැහැදිලි ලෙස මෙසේ කියා තිබුණි.
‘මැදපෙරදිග පුද්ගලයෝ හත්දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය සදහන් කළා. ඔවුන් කැමතියි කිව්වා රජයට යටත් වෙන්න. භාර වෙන්න. ඔවුන්ට සමාව දීලා ඒකෙන් ඉවත් වෙන්න ඔවුන් කැමතියි කිව්වා.‘

