පාකිස්තාන පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් එරට 27 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිමත් විනිසුරුවරුන් ලෙස ප්‍රකට මන්සූර් අලි ෂාගේ සහ අතාර් මිනාල්ලාගේ ඉල්ලා අස්වීම පාකිස්තාන අධිකරණ පද්ධතියේ අඳුරුතම දිනයක් බව එරට නීතිඥවරු සහ දේශපාලනඥයන් රැසක් ප්‍රකාශ කර ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාම සිය ඉල්ලා අස්වීමේ ලිපි වෙන් වෙන් වශයෙන් පාකිස්තානයේ අගවිනිසුරු යහ්යා අෆ්රිඩි වෙත යොමු කර ඇති අතර, ව්‍යවස්ථාමය වශයෙන් සිදු කර ඇති වරදක් සම්බන්ධව නිහඬව සිටිම ඊට එකඟවීමක් බවත්, ව්‍යවස්ථාමය වශයෙන් නිහඬ කර ඇති අධිකරණ පද්ධතියක තවදුරටත් රැඳී සිටීමට නොහැකි බවත් එහි සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
බලතල කප්පාදු කිරීමකට ලක් කර ඇති නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයක් පැවැත්වීම සඳහා අධිකරණ සමුළුවක් කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාම අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද ඩෝන් පුවත් සේවය සඳහන් කළේය.

