වාලච්චේන සභාපති, උපසභාපති ඇතුළු තිදෙනාට ඇප හිමි වෙයි.

වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් තිදෙනාට ඇප හිමි වී තිබේ.

ඒ මඩකලපුව, වාලච්චේන, කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මඟින් පවත්වාගෙන ගිය පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙරට පුරාවිද්‍යා ස්ථාන දැක බලා ගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා එම පුරාවිද්‍යා ස්ථාන පෙන්වන දිශා පුවරු, පසුගිය 03 වැනිදා සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ සවි කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණු අතර, පසුව යම් පිරිසක් විසින් ඒවා ගලවා ඉවත් කිරීමට කටයුතු කර තිබිණ.

Add to cart