ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත්තිවලින් එකක් වන ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ බරපතල විනාශයෙන් පසු රට යළි ගොඩනැංවීමේ අරමුණින් ‘නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමේ අරමුදලක්’ (Rebuilding Sri Lanka Fund) ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය. එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත වේ.
අරමුදලේ කළමනාකරණ කමිටුවේ සභාපතිත්වය සහ සෙසු සාමාජිකත්වය පහත පරිදි වේ:
-
සභාපති: ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු (කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය)
-
සංවිධායක (Convener): ජී. එම්. ආර්. ඩී. අප්පොන්සු මහතා (ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්)
-
කමිටුවේ සෙසු සාමාජිකයන්:
-
හනීෆ් යූසුෆ් මහතා (බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත)
-
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා (මුදල් අමාත්‍යාංශයේ ලේකම්)
-
දුමින්ද හුලංගමුව මහතා (ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක)
-
සුගීශ්වර ගුණවර්ධන මහතා (විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්)
-
මෝහන් පණ්ඩිතගේ මහතා (හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති)
-
ක්‍රිෂාන් බලේන්ද්‍ර මහතා (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති)
-
ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා (අයිට්කන් ස්පෙන්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ)
-
ඇෂ්රොෆ් ඕමාර් මහතා (බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී)
-
ඉෂාර නානායක්කාර මහතා (LOLC හෝල්ඩින්ග්ස් හි විධායක සභාපති)
-
කළමනාකරණ කමිටුවට පහත සඳහන් කටයුතු ඇතුළුව අරමුදල ඵලදායී ලෙස පරිපාලනය කිරීමේ බලය පැවරී ඇත:
-
අවශ්‍යතා තක්සේරු කිරීම සහ ප්‍රමුඛතා සැකසීම.
-
අනුමත කරන ලද ප්‍රතිසාධන (Recovery) කටයුතු සඳහා සම්පත් වෙන් කිරීම සහ අරමුදල් බෙදා හැරීම.
-
සියලුම මූල්‍ය කටයුතුවල පූර්ණ විනිවිදභාවය (මූල්‍ය කළමනාකරණය සහ විගණනය ඇතුළුව) සහතික කිරීම.
(ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වාර්තා කරයි)

