එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඇලිසන් හූකර් (Allison Hooker) අද (දෙසැම්බර් 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
තානාපති කාර්යාලය පැවසුවේ, උපලේකම් හූකර් මහත්මිය සිය සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ බලධාරීන් හමු වී පුළුල් පරාසයක ද්විපාර්ශ්වික කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි.
-
ආර්ථික හා වාණිජ සබඳතා ගැඹුරු කිරීම.
-
ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කිරීම.
-
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාගර ස්වෛරීභාවයට සහාය වීම.
තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ, කලාපීය ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ අපේ ජනතාවගේ සමෘද්ධිය සඳහා වන පොදු කැපවීම මත පදනම් වූ ශක්තිමත් හා ස්ථීර හවුල්කාරිත්වයක් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව බෙදා ගන්නා බවයි.
එමෙන්ම, ආරක්ෂාව, වෙළෙඳාම සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මගින් “නිදහස්, විවෘත සහ ඔරොත්තු දෙන ඉන්දු-පැසිෆික් කලාපයක්” ඉදිරියට ගෙන යාමට දෙරට එක්ව කටයුතු කරන බවද තානාපති කාර්යාලය සඳහන් කළේය.

