දක්ෂිණ අධිවේගී මාර්ගයේ 170.1 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (14) පෙරවරුවේ මෝටර් රථයක් ගිනි ගෙන ඇතැයි පොලීසිය පවසයි.
අවාසනාවන්ත ලෙස මෙම ගින්නෙන් අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතත්, කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සැලවීමත් සමඟම අධිවේගී මාර්ගයේ ආරක්ෂක නිලධාරීන් සහ ගිනි නිවීමේ සේවා කණ්ඩායම් කඩිනමින් ක්‍රියාත්මක වී ගින්න පාලනය කර තිබේ.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට බලධාරීන් ඉල්ලා සිටී.

