හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබාදී ඇති අතර හරීන් ප්‍රනාන්දු මහතා ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර ඇති බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව මෙම පත් කිරීම ඊයේ සිදු කර ඇති අතර සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් සඳහන් කළේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී සිදුකරන ලද මෙම පත් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1