එළඹෙන සැප්තැම්බර් 7 වැනිදා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් 6දෙනෙකු මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට සූදානමින් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද(19) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පවසා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා, සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා මෙන්ම සර්වජන බලය සංවිධානයේ දිලිත් ජයවීර , ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින ආරියේන්ද්‍රන් යන අපේක්ෂකයන් මේ සඳහා සහභාගි වීමට නියමිත බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත්තේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1