ජාතික ජනබලවේග නමින් පැමිණෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

ජාතික ජනබලවේග නැමති වෙස් මුහුණෙන් පැමිණියද එහි ඇතුලත සිටින්නේ රට තුළ කැරලි දෙකක් මෙහෙයවා තරුණ ජීවිත අහිමි කරමින් ලේ ගංගා ගලා යාමට සැලැස්වූ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.පසුගිය වතාවේ ගෝඨාභය පැමිණියා සේම මෙවර ආචාර්ය, මහාචාර්ය වෙස් මුහුණෙන් ඔවුන් පැමිණෙන බවත් ඔහු සඳහන් කර සිටියේය.
ඔහු මෙලෙස අදහස් දැක්වූයේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා රුවන්වැල්ලේදී පවත්වනු ලැබූ ජන රැළිය අමතමිනි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ සටන පවතිනුයේ විපක්ෂයේ පක්ෂය දෙකක් අතර බවත් එම නිසාවෙන් ගෝඨාභයගේ වෙස් මුහුණට රැවටුණා සේ කටයුතු නොකර මාලිමාවේ වෙස් මුහුණ ගලවා දැමීමට මෙවර ජනාධිපතිවරණයේදී කටයුතු කලයුතු බව චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසන ලදී.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart