ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජනපතිවරණයේ මංගල රැළිය හෙට (21) අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
සඳහන් කළේ, පක්ෂයේ අතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත්,බිම්මට්ටමේ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බවත් එතුමා ප්‍රකාශ කර ඇත.
වෙනත් පක්ෂ සෙනඟ පෙන්වීම සදහා පිටපළාත්වල බස්වලින් සෙනග ගෙන එන බවත් අප එසේ පිටපළාත් වලින් සෙනඟ ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකල යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1