පනින අයට මිලියන ගණනින් තෑගි මුදල්

රුපියල් මිලියන 300ක මුදලක් විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබා දීමට මේ වනවිට ප්‍රතිපාදන වෙන් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත. මෙසේ වෙන්කරන ලද මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීමට සූදානමක් පවතින බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇති අතර ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වන මන්ත්‍රීවරුන්ගේ විවධ්‍යගත අරමුදල් කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ද ඔහු එම අවස්ථාවේ දී චෝදනා කර ඇත. මේ සඳහා වහාම පියවර ගත යුතුය යනුවෙන් මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායකවරයා මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart