ඊයේ රාත්‍රියේ (22) නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ජීවන් තොණ්ඩමන් මහතා විසින් ජල ගාස්තු සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.ඒ අනුව ගෘහස්ථ භාවිත ජල ගාස්තුව 7%කින් ද රජයේ රෝහල් ජල ගාස්තුව 04.5කින් සහ සිද්ධස්ථාන වල ජල ගාස්තුව 06.3කින් අගෝස්තු මස 21 වන දා සිට අඩුවෙන බව ද සහ රජයේ රෝහල් ජලගස්තුව 04.5 කින් අඩුවෙන බව ද සඳහන් ය. ඒ අනූව මෙහි වැඩිදුරු තොරතුරු ලබා ගැනීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ෂණික දුරකථන අංකය ඇමතිය හැකි බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi