පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම ලබන බදාදා රැස්වීමට නියමිතයි. එහිදී කරුණු සාකච්ඡා කිරීමෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය. අත්තනෝමතික හා අනීතික ක්‍රියා මගින් 2023 වසරේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කොට ඇත. එහිදී අධිකරණය පෙන්වා දුන්නේ මැතිවරණ ක්‍රියාවලිය නිසියාකාරව සැලසුම් කිරීමට සහ කළමනාකරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපොහොසත් වූ බවය. එමෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගීතාවය සුරක්ෂිත කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට කොමිෂන් සභාව සිය බලතල ක්‍රියාත්මක නොකළ බවද අධිකරණය පෙන්වා දුන්නේ ය. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව සෙසු රාජ්‍ය ආයතන වල සහය ලබාගෙන හැකි මුල් අවස්ථාවේදීම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi