ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා ඇත.
ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා සහනාධාර ලබාදීමට අවශ්‍ය නම් එය ජනාධිපතිවරණය නම් කිරීමට පෙර හෝ ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi