එජාප පක්ෂ සම්මේලනයේ විශේෂ ආරාධිතයින් සජබයෙන් පැන්න පිරිස

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය හෙට පස්වරු 02.00ට සිරිකොත දී පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙනවා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැතිය ලබා ගැනීමට නියමිත බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
මෙහි විශේෂිත ආරාධිතයින් ලෙස සමගි ජනබලවේගයේ සිට ජනාධිපතිවරයාට සහය පළ කිරීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් සහභාගී වන බව තවදුරටත් සදහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart