ඊළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් හා සමීක්ෂණ නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙන බවට වාර්තා වේ. මේ පිළිබඳව මෙම සතියේදී පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.
සමාජ ජාලා ඔස්සේ සමීක්ෂණ සිදු කිරීමෙන් පසු හෙළි වී ඇත්තේ ඇතැම් අපේක්ෂකයන්ට මේ තුළින් අගතියක් සිදුවන බවයි. ඒ බව පැවසූ සභාපතිවරයා අදාළ මත විමසුම් සිදු කරන්නේ කවුදැයි හඳුනාගැනීම සඳහාද මේ දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවද ප්‍රකාශ කොට ඇත.
ඒ වගේම මින් අනතුරුව මත විමසුම් නතර කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවසූ ඔහු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන මත වීමසිම් නතර කිරීම පහසු වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසීම් නතර කිරීම පහසු කටයුත්තක් නොවන බවද ප්‍රකාශ කළේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi