දිලිත්ගේ රාත්‍රී සාදය මැතිවරණ දෙපාර්තමේන්තුව අත්හිටුයි


අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වත් හමුවකට සහභාගි වූ ආරාධිත පිරිස සඳහා සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා ඇත.
අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිල්ලක් මත එහි නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ හෝටලයේ සංග්‍රහයට සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබා ආරාධිතයන්ට ලබාදීමට තිබූ මත්පැන් බෝතල් ද පොලිසියට බාරයට ගෙන ඇත..මෙම හමුවට 150 දෙනෙක් පැමිණ තිබූ අතර මෙම ආහාර පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලාධාරීන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එම ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart