වංචනික ලෙස බදු මුදල් රැස් කරන කල්ලියක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් පැමිණිලි ලැබෙමින් ඇතිබව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ, දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් ලබා දෙන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුන් මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් සිදු නොකරන බවත් ප්‍රකාශ කරයි.
එවැනි වංචනිකාන්ට හසු නොවී ඔවුන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් දැනටමත් එවැනි වංචනිකයින්ට හසුවී ඇත්නම් ළඟම පොලිසියට දැනුම් දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart