මෙවර T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි බංග්ලාදේශ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර එහි තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විට නිකුත් කර තිබේ.
ඒ අනුව, තරගාවලිය ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් මස 03 වන දින පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර තරගාවලිය තුළ තරග 23ක් පැවැත්වීමට නියමිතව ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi