රැකියා වේලාවෙන් පසු කිසියම් සේවකයකුට ලැබෙන රාජකාරි පණිවිඩ සඳහා ප්‍රතිචාර නොදක්වා සිටීමේ අයිතිය හෙවත් විසන්ධි කිරීමේ අයිතිය(right to disconnect ) සම්බන්ධ නීතිය ඕස්ට්‍රේලියාවේ අද සිට ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව රාජකාරි වේලාවන් පසු ලැබෙන දුරකථන ඇමතුම්,ඊ මේල් පණිවීඩ සහ කෙටි පණිවීඩ සඳහා අද සිට ප්‍රතිචාර නොදැක්වීමට හෝ විසන්ධි කිරීමට සේවකයන්ට හැකියාව ඇත.
ඊට එරෙහිව ක්‍රියා කරන හාම්පුතුන්ට විරුද්ධව ඕස්ට්‍රේලියානු ඩොලර් 93,900ක දඩ මුදලක් නියම කළ හැකි බව එරට වාර්තා පෙන්වාදෙයි.
රැකියාවෙන් පසු සේවකයන්ට වඩාත් හොඳ පෞද්ගලික ජීවිතයක් ගතකිරීමට අවස්ථාව උදාකර දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙලෙස නීති හදුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi