ශ්‍රවණාබාධිත කාන්තාවකට අතවර කිරීමේ පැමිණිල්ලකට අදාළව මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ ජනක මොහාන් නැමැති හිටපු මන්ත්‍රීවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ පුද්ගලයා කාන්තාවට මීට පෙර ද කිහිපවරක් අතවර සිදුකර ඇති බව පොලිසිය සඳහන් කර ඇති අතර ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඇයට තර්ජනය කර ඇති බවත් ඇයගේ පියා පැමිණිල්ලේ සඳහන් කර ඇත.මෙම සැකකරු ජාතික ජන බලවේගය යටතේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නාම යෝජනා බාර දී ඇත්තේ කණ්ඩායම් නායක වශයෙන් බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi