ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නීති විරෝධී පෝස්ටර් සහ ප්‍රචාරක පුවරු 169,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බවත් පෝස්ටර් 61052 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, බැනර් 613 ක් ඉවත් කර ඇති අතර බැනර් 510 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ නීතිවිරෝධි ප්‍රචාරක පුවරු ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1,500කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi