ජනාධිපතිවරණයට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 25% ක පමණ වැටුප් වැඩිවීමක් ලැබීමට ඉඩ ඇති බව
‘ද සන්ඩේ මෝර්නින්’ වාර්තා කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අදාළ කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති අතර, එය හෙට (2) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ද වාර්තා වේ.
මසකට රුපියල් මිලියන 750ක් පමණ මෙම වැටුප් වැඩිකිරීම සඳහා අතිරේකව වෙන්කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
රජය පොරොන්දු වී ඇති රුපියල් 10,000ක අතිරේක වැටුප් වැඩිවීම මෙම වැටුප් වර්ධකයට අතිරේකව ලබාදෙනු ඇතැයිද වාර්තා වී ඇත
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi