2024 වසරට අදාල ශිෂ්‍යත්ව විභහගයට දින නියම වෙයි.


සැප්තැම්බර් මස 15 වනදා 2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභහගය පැවැත්වෙන බව විභහග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයද එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රයද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇති අතර විභහග මධ්‍යස්ථාන 2,649 කදී මෙම විභහගය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකි බව විභහග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කර ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart