උප්පැන්න, විවාහ,මරණ සහතික කිරීම ඔන්ලයින් ක්‍රමයට


උප්පැන්න, විවාහ,මරණ සහතික ඔන්ලයින් ක්‍රමයට සහතික කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය කටයුතු යොදා තිබේ.
ඒ සඳහා වන ඔන්ලයින් ද්වාරය ඊයේ දියත් කෙරුනු අතර විදේශ ඇමැති අලි සබ්රි ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් සඳහන් කළේ මීට වසර දෙකකට පෙර, අමාත්‍යාංශය භාර ගන්නා විට, මෙම සේවාවන් සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් විශාල ජනකායක් පැමිණි අතර එක රැයකින් පෝලිම් ද ඇති වූ බවයි.
මෙම ගැටලුව විසඳීම සඳහා මූලික පියවරක් ලෙස විදේශ අමාත්‍යාංශය විසින් eChanneling ද්වාරය හරහා අන්තර්ජාලය ඔස්සේ හඳුන්වා දී මහජන අපහසුතා සැළකිව යුතු ලෙස අඩු කල අතර ඒ මහතා පෙන්වා දුන්නේ දැනට 50-55% ලේඛන සඳහා අමාත්‍යාංශයට මාර්ගගත සහතිකය සම්පූර්ණ කළ හැකි බවයි.
ඉදිරියේ දී සියලුම ලේඛන අන්තර්ජාලය හරහා සහතික කිරීමේ හැකියාව ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart