සජිත්ට, රනිල් සමඟ එකතු වීමට අවශ්‍යතාවක් නෑ

මේ වන විට නිකුත්වී සෑම සමීක්ෂණ වාර්තාවකින්ම සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බවට තහවුරු වී ඇති බවත්, එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට අවශ්‍යතාවක් නොමැති බවයි ඊයේ (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ටද ඇමතිකම් ලබාදීමට යෝජනා කළ බවත්, එහෙත් ඔහු එක්වී ඇත්තේ ආර්ථිකය විනාශ කරන ලද කණ්ඩායම සමග නිසා එසේ ගමනක් යෑමේ අවශ්‍යතාවක් නොමැති බවට ජනාධිපතිවරයාට දැනුම්දුන් බවද ඔහු සඳහන් කල ඇතර අද රටේ සියලු ජන කොටස් සමගි ජන බලවේගය වටා එක්වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart