ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු සන්ධානය එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත්වූ බව වාර්තා වේ.
එම සන්ධානය “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” ලෙසද ලකුණ කුසලානය ලෙසද නම් කර ඇත.
එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කරන බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi